FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනය නැගෙනහිරදී සම්මත වෙයි..

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව වාර්තා වේ.

එහිදී සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 25 ක් හිමීව ඇති අතර විපක්ෂව ඡන්ද 08 ක් ප්‍රකාශ වී ඇති බව එම පළාත් සභා ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)