FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද සඳහා නව නීති ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් වෙයි..

එළැඹෙන ඔක්‌තෝබර් 01 වැනිදා සිට මගීන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්‌සි මීටරයක්‌ තිබීම අනිවාර්ය කරමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබේ.

එම නිවේදනයෙහි සඳහන් අකාරයට පුද්ගලයන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු අදාළ ත්‍රිරෝද රථ රියෑදුරු විසින් රිසිට්‌පතක්‌ නිකුත් කිරීම ද අනිවාර්ය කර ඇත.

ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්‌තුව සහ ලබාගත් දිනය යන විස්‌තර ඊට ඇතුළත් විය යුතු බව එම ගැසට්‌ නිවේදනයෙහි සඳහන් වේ.

එමෙන්ම ත්‍රිරෝද රථයක මගී මැදිරියේ දකුණුපස පිටවීමේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්‌ථිර ලෙස වසා තැබීම ඇතුළු තවත් නියෝග ගණනාවක්‌ම එම ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

(DE සිල්වා)