FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන් ඇමතිමට ජනපති ඇමෙරිකාවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සැසිවාරය ඇමතීම සඳහා එළැඹෙන 16 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පිටත්ව යෑමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සමුළුව 19 දා ආරම්භවන අතර ජනපතිවරයා සමාරම්භක දිනයේදිම සමුළුව ඇමතීමට නියමිතය බවද පැවසේ .

සමුළුවට එක්වෙන ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් මහතා හා තවත් රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය..

(DE සිල්වා)