FAST NEWS

24×7 Around the Globe

බස් 2ක් ගැටී 14ක් තුවාල ලබා රෝහලේ..

කොළඹ සිට පොලොන්නරුව දක්වා හා ඉනාමළුව සිට කොළඹ දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථ දෙකක් දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ පන්ලියද්ද ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවූ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

අද (09දා) පෙ.ව. 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර තුවාලකරුවන් ගොකරැල්ල හා කුරුණෑගල රෝහල්වෙත ඇතුළත් කර තිබේ.