FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය සුළු ජාතික පක්ෂ සමඟ බුලත් කොළයෙන් මැතිවරණයට එයි..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී සුළු ජාතීන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සන්ධාගත වී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ “බුලත් කොළය”ලකුණින් තරග කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එ අනුව කඳුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂත්, නැගෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් දේශපාලන පක්ෂත් සමග මේ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් මේ වන විට තබා ඇති විශ්වාසය හේතුවෙන් කොන්දේසි විරහිතව මේ සඳහා එකඟ කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස තබා ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)