FAST NEWS

24×7 Around the Globe

සයිටම් පිළිබඳ කමීටු වාර්තාව ජනපතිට..

සයිටම් ගැටළුව විසදීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරිමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන 11 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදෙන බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා පවසයි.

වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු සියලූ පාර්ශ්ව වල කරුණු ඇතුලත් වන පරිදි මෙම වාර්ථාව සකස් කර ඇති බවතද හෙතෙම පැවසීය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළුව විසඳීම සඳහා වන කරුණු ඇතුළත් කර දින දහයක් තුළ වාර්තාවක් ලබාගැනිම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය සතියේ විශේෂ කමිටුවක් පත් කරන ලදී.

නීතිපති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංෂයේ ලේකම් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා එහි සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

(DE සිල්වා)