FAST NEWS

24×7 Around the Globe

වැරදිකරුවන් වු අනුෂට හා ලලිත්ට සිරදඬුවම්..

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600 ක් වටිනා සිල් රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වරදකරුවන් වු හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට අවුරුදු තුනක බරපතල සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (7) නියෝග කළේය.

එසේම එක් අයකුට ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මිලියන 50 ක වන්දියක් ද විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙස ඔවුනට නියම කෙරුණී.

(DE සිල්වා)

_________________(update)

සිල් රෙදි නඩුවට අනුෂ හා ලලිත් වැරදිකරුවන් වෙයි..

2015 ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර සිල් රෙදි බෙදා දීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව මීන් මද වේලාවකට පෙර කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් අදාළ චෝදනාවන්ට වරදකරුවන් වන බව අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කරමීන් සඳහන් කර සිටියේය.

ඔවුන්ද අදාළ දඬුවම සම්බන්ධයෙන්ද අද (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමීතය.

(DE සිල්වා)