FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමීසම පිළිබඳ තීරණය අද..

සැප්තැම්බර් 03 වැනි දිනෙන් නිල කාලය අවසන් බරපතළ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දීර්ඝ කිරීම පිළිබඳ අද (06) දිනයේ තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එ අනුව තවත් මාස හයක් දක්වා එම කොමීසමේ කාලය දීර්ඝ කරන ලෙස කොමීසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

සැප්තැම්බර් 03 වැනිදා කොමිසමේ නිල කාලය අවසන් වී ඇතත් කාර්යාල කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බව කොමිසමේ ‍ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඉකුත් රජය සමයේ සිදුවූ බරපතළ වංචා දූෂණ සොයා බැලීම සඳහා මෙම කොමිසම පත් කළ අතර ඊට පැමිණිලි 2000කට ආසන්න ගණනක් ලැබි ඇති බවත් ,එම පැමිණිලි අතරින් විමර්ශන ඇවසන් කළ බරපතළ ආකාරයේ පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වාර්තා ජනාධිපතිවරයා වෙත භාරදී ඇතැයිද කොමිසම පවසයි.

මීට අමතරව පැමිණිලි විභාග කිරීමට සහ වාර්තා සකස් කිරීම සඳහා තවත් මාස හයකින් කොමිසමේ නිල කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

(DE සිල්වා)