FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එ අනුව මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක වල ජනතාව කඳු කඩාවැටීම්, ගල් පෙරළීම් ඇතුළු නායයෑම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථාන වලින් ඉවත් විය යුතු බව එම මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ගංගා ආශ්‍රිත ප්‍රදේශ වල ජනතාවද ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවද ,එසේම මෙම සම්බන්ධයෙන් දැනුවත්වීමට හෝ යම් තොරතුරක් ලබාදීම සඳහා 117 හෝ 26 7000 2 යන දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකි බවද එම මධ්‍යස්ථානය කියයි.

(DE සිල්වා)