සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුවූ කළැයි කියන අයථා සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතා ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.
හෙතෙම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සිටිය දී 2008 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී තිබේ.
ලොතරැයි මණ්ඩල පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහුට ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නොහැකි වුවත් බලහත්කාරයෙන් දිගටම එම ධුරයේ රැඳී සිට ඇති බව පොලීසිය අධිකරණය පෙන්වා දුන්නේය.
එ අනුව එලෙස රැඳී සිටින අතරතුර ප්‍රසම්පාදන මණ්ඩලයේද සභාපතිවරයා ලෙස කටයුතු කරමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන් දහසක ජීප් රියක් ආනයනය කර ඇතැයි ද, එය වරායට පැමිණි වහාම ගුණවර්ධන මහතා එය ගෙන ගොස් ඇතැයි ද, වාහනය ගෙන ගොස් ඊට පසු දින ලොතරැයි මණ්ඩල සභාපති ධුරයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය වැඩි දුරටත් පෙන්වා දෙයි.
එසේම ඔහු ගෙන ගිය ජීප් රිය මේ වන විට සොයා ගන්නට නැති බැවින් පොදුදේපොළ පනත යටතේ සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
(DE සිල්වා)
+++++++++++++++++++++++++(update)
සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනේ..
රජයේ දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා මත, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.