FAST NEWS

24×7 Around the Globe

රසායනික විද්‍යා ප්‍රශ්න සිද්ධියේ 03 කට ඇප…

2017 උසස් පෙළ රසායනික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කිරීම සහ අත්පත්‍රකා බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් උපකාරක පන්ති ගුරුවරයා සහ සහෝදරයා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අද (04) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් උසස් පෙළ සිසුවා, සිසුවාගේ පියා සහ උපකාරක පන්ති ගුරුවරයාගේ පියාට රුපියල් 10000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් මත දා හැරීමටද අධිකරණ නියෝග කළේ ය.

එසේම සෑම සතියකම ඉරිදා දිනයකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ඇප නියම වූ සැකකරුවන්ට නියම කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන්ද තහනම් කෙරුණී.

(DE සිල්වා)