සයිටම් ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කමිටුවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කිසිදු පුද්ගලයකු ඇතුළත් කර නැතැයි එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.
සයිටම් ගැටලුවට විසඳුම් සොයන පාර්ශ්වකරුවන් ඉවත දමා කමිටුවට ඇතුළත් කර ඇත්තේ සයිටම් ආයතනයට හිතවාදීන් වන හෙයින් ඔවුන්ගේ නිර්දේශයන් ගැටලුවට විසඳුමක් ලබා නොදෙනු ඇතැයි බොහෝ පිරිසක් වෛද්‍ය සභාවට දැනුම් දී ඇතැයිද හෙතෙම පවසයි.
කෙසේ නමුත් ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිල වශයෙන් දැනුම් දීමක් කර නොමැති බවත් , තමා ඒ කමිටුව ගැන දැනගත්තේ මාධ්‍ය මගින් බවත් වැඩි දුරටත් පැවැසීය.
(DE සිල්වා)








