දිවයිනට බලපෑ වැසි තත්වය දිවයිනේ නිරිතදිග කොටස තුළ ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එ අනුව බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත් වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එහි සඳහන් වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල විශේෂයෙන් සවස 2.00න් පසුවවැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ ඇති විය හැකි බවද, විශේෂයෙන් සබරගමුව, මධ්‍යමසහඌව පළාත් වලත් මඩකලපුව, අම්පාර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් තරමක් තද වැසි (මි.මි. 75වැඩි) ඇතිවිය හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
(DE සිල්වා)








