FAST NEWS

24×7 Around the Globe

පොදු ජන පෙරමුණේ මැතිවරණ කටයුතු වලට ඒකාබද්ධයෙන් කමීටුවක්..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ 09 දෙනකුගෙන් යුතු කමීටුවක් පත් කිරීමට කටයුතු කර තිබේ.

එ අනුය දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, බැසිල් රාජපක්ෂ, මහාචාර්ය තිස්ස විතාරණ සහ අසංග නවරත්න එම කමිටු සාමාජිකයන් ලෙස පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් තීරණය කොට ඇති අතර ඒ අනුව එක් එක් පක්ෂයට නාම යෝජනා බෙදිය යුතු ආකාරය පිළිබඳ අද (04) එම කමිටුව මුණගැසී තීරණය කරනු ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)