FAST NEWS

24×7 Around the Globe

උතුරු මහ ඇමතිට එරෙහිව බාලසුබ්‍රමනියම්ගෙන් නඩු..

උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට සඳහන් කරමින් හිටපු ධීවර හා ප්‍රවාහන අමාත්‍ය බාලසුබ්‍රමනියම් ඩෙනීස්වරන් මහතා විසින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට කටයුතු කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ඇති වූ මත අරගල නිසා ඩෙනීස්වරන් මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට සති කිහිපයකට ඉහතදී ප්‍රධාන ඇමැතිවරයා විසින් පියවර ගනු ලැබීය.

(DE සිල්වා)