FAST NEWS

24×7 Around the Globe

පාදුක්කේදී නළ මාර්ගයක් පිපිරී ප්‍රදේශ රැසකට ජල සැපයුම නවතී..

කලටුවාව – ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයක ඇති වූ පිපිරීමක් හේතුවෙන් ප්‍රදේශ රැසක ජල සැපයුම නතර වී තිබේ.

පාදුක්ක – චන්ද්‍රිකා මධ්‍යස්ථානය අසළ දී මෙම නළ මාර්ගය පිපිරීම සිදුව ඇත්තේ අද අලූයම් කාලයේදි වන අතර මේ නිසා මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, රුක්මල්ගම, මත්තේගොඩ, හෝමාගම, පාදුක්ක ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අඩාල වී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ අද(03) මධ්‍යහ්නය වන විට අලූත්වැඩියා කටයුතු අවසන් කොට ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.