FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරකින් ජයවර්ධනපුර සරසවියේ සිසුන් 19 කට තුවාල..

මහරගම නාවින්න හංදියේ සිදුවු රිය අනතුරකින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් 19 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිසිය සඳහන් කළේ එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති බවයි.

ඊයේ රාත්‍රී 11.20 ට පමණ අනතුර සිදුව ඇත්තේ සිසුන් ගමන් කළ බස් රථයක් මෝටර් රථයක ගැටීමෙනි.

ඊයේ තලංගම ප්‍රදේශයේ පැවති වැඩමුලුවක් අවසානයේ සිසුන් 65 දෙනෙකු රැගෙන පැමිණි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථය නාවින්න හංදියේදී මෝටර් රථයේ ගැටී ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශ කරන ලදි.