පොලීතින් භාවිතය අද(01) සිට තහනම් කිරීමත් සමඟ බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ ඒ අනුව හෙට(02) සිට මෙම මිල වැඩි කිරීම සිදුකරන බවයි.
ඔහු කියා සිටියේ හෙට දිනයේදී රැස්වී ලන්ච්ෂීට් භාවිත කරමින් ඇසුරුම් කර ලබාදෙන අනෙකුත් ආහාරවල මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
ආපන ශාලා හිමියන්ගේ සංගමය බත් පාර්සලයක මිල වැඩි කිරීමට තීරණය කර ඇත්තේ ලන්ච් ෂීට් / ෂොපින් බෑග් සහ රිජිෆෝම් ආහාර ඇසුරුම් පෙට්ටි නිශ්පාදනය / බෙදා හැරීම සහ භාවිතය අද සිට තහනම් කිරීමේ නීතිය බලාත්මක කිරීමත් සමගය.








