FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාල භාවිතයේදී අය කෙරූ 10%ක විදුලි සංදේශ බද්ද ඉවත් කෙරේ.

අන්තර්ජාල භාවිතය වෙනුවෙන් මෙතෙක් අය කෙරුණු සියයට 10ක විදුලි සංදේශ බද්ද අද(01) සිට ඉවත් කෙරේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ සියලූ අන්තර්ජාල සේවා සැපයුම් ආයතන දැනටමත් මේ පිළිබඳ දැනුවත් කර තිබෙන බවත් සේවා සැපයුම් සමාගම් අමතර සියයට දහයක් ඩේටා එකතු කිරීමට එකඟ වූ බවත්ය.

අඩු පිරිවැයකින් පහසුවෙන් අන්තර්ජාලය භාවිත කිරීමට මේ නිසා ග‍්‍රාහකයින්ට හැකිවන බවද හෙතෙම සදහන් කලේය.