FAST NEWS

24×7 Around the Globe

රත්නපුර – පානදුර මාර්ගය අවහිර වෙයි..

රත්නපුර – පානදුර මාර්ගය මඩව ප්‍රදේශයෙන් අවහිර වී ඇතැයි පොලීසිය පවසයි.

ඉන්ධ බවුසරයක් පෙරළීමෙන් මෙසේ මාර්ගය අවහිර වී ඇති අතර අද (01) අලුයම මෙම අනතුර සිදුව තිබේ.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කර රථ වාහන තදබදය අවම කිරීමට දායක වන්නැයි පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.