FAST NEWS

24×7 Around the Globe

මීලි මීටර 100 ඉක්මවු වැසි – අපදාවෙන් අනතුරු ඇඟවිම්..

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනු එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට දිවයිනේ බොහෝ පළාත්වට මීලි මීටර 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව හා දකුණු පළාත්වල මෙම තත්ත්වය වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

විශේෂයෙන්ම මෙම වැසි තත්ත්වය සමඟ නායයෑමේ තත්ත්වයන් ඇති විය හැකි බැවින් ජනතාවට කල්පනාකාරි වෙන ලෙසද එම මධ්‍යස්ථානය පවසයි.

සියලු තාක්ෂණික ආයතන සමඟ දත්ත හුවමාරු කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් 117 දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ජනතාවට තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතින බව ද එම මධ්‍යාස්ථානය වැඩි දුරටත් නිවේදනය කරයි.

(DE සිල්වා)