FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය ධීවරයින් සිව් දෙනකු‍ දිවි බෙරා ගැනේ..

අනතුරකට ලක්ව උතුරු මුහුදේ ගිලෙමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනකු‍, මුර සංචාරයේ යෙදී සිටිඋතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් අද (31) දිනයේදී බේරා ගැනීමට සමත්ව තිබේ.

අනලතිව් දූපත ආසන්නයේ ගිලෙමින් තිබූ මෙම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාව පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම බේරා ගැනීම සිදු කර තිබේ.

මෙම ධිවරයින්ට අවශ්‍ය ප්‍රථමාධාර, ආහාර සහ පානීය ජලය ලබා දී කන්කසන්තුරයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ආ බවද නාවික හමුදාව පවසයි.

(DE සිල්වා)