FAST NEWS

24×7 Around the Globe

බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රියට මහාධිකරණයෙන් ඇප..

රතුපස්වලදී පිරිසිදු පානීය ජලය ඉල්ලා විරෝධතා කළ ජනතාවට වෙඩි තැබිමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටිනයුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රියට සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනා ගම්පහ මහාධිකරණය විසින් අද (31) ඇප මත නිදහස් කිරීමට නියම කරන ලදී.

බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණී.

සැරයන්වරයාට මුදලින් රුපියල් 50000ක ඇපයක් ද මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කළේය.

එසේම මෙම දෙදනොට සැම මාසයක අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණි.

සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසටද නියෝග කෙරුණු අතර ,අධිකරණයට දැනුම් දීමකින් තොරව පදිංචිය වෙනස් නොකරන ලෙසට ද ඔවුන්ට නියම කෙරුණි.

(DE සිල්වා)