හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහි මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ 03 සහ 04 වගන්ති යටතේ පවරා ඇති නඩුව නොවැම්බර් මස 20 සහ 21 යන දින වල විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (31) නියෝග කළේය.
එ අනුව නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට මීලඟ දින අධිකරනයේ පෙනී සිටීමට සිතාසිද නිකුත් කළේය.
නීති විරොධී ලෙස, අයථා ලෙස උපයාගත් මුදල් වලින් කොළඹ 07, කිංසි පාරේ පිහිටි නිවසක් රුපියල් මිලියන 27 ට මිලදී ගෙන ඇති බවට වන අධි චෝදනා යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.
(DE සිල්වා)








