පළාත්පාලන මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම් සභාව ප්‍රකාශ කරයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වනදා ආරම්භ වන බැවින් රජයේ පාසල් දෙසැම්බර් 09 වනදා විභාග දෙපාර්තමේන්තුව භාරයේ පැවතිය යුතු බවට ඔවුන් දැනුම් දී ඇති බවයි.
අදාල ඉල්ලීම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලිඛිතව තමන් වෙත දැනුම් දී ඇති බවත් ඒ අනුව මැතිවරණය පැවැත්වීමට දෙසැම්බර් මාසයේ වෙනත් දිනයක් නොමැති බැවින් එය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් යනු ඇති බවත් ඔහු සඳහන් කලේය.
පළාත් පාලන ජන්ද විමසීමේ සංශෝධන පනත සම්මත වීමෙන් පසු පළාත් පාලන ජන්දය දෙසැම්බර් 09 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව සැළසුම් කර තිබුණි.








