FAST NEWS

24×7 Around the Globe

නව බදු පනතෙන් දිරී දීමනා හා රාජකාරී දිමනා මතත් බදු..

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට සැලසුම් කර ඇති යෝජිත නව බදු පනත මගින් වෛද්‍ය සභාවට හා වෛද්‍යවරුන්ට ලබාදෙන දිරිදීමනා හා අමතර රාජකාරි දීමනා සඳහා ලබාදෙන මුදලටත් බදු පනවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

වෛද්‍යවරුන්ට හා වෘත්තීයවේදීන්ට ලැබෙන දීමනා සඳහා බදු අයකර ගැනීමට යෑම හරහා වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් රට හැර යෑම සිදුවන බවද එම සංගමය පෙන්වා දෙයි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට වසරකට රුපියල් මීලියන 3000ක් වැය කරන ආණ්ඩුව ලාභ නොලබන ආයතනයක් වන වෛද්‍ය සභාවට බදු පැනවීමට කටයුතු කිරීම දැඩි අසාධරණ බවද එම සංගමය වැඩි දුරටත් පෙන්වා දෙයි.

(DE සිල්වා)