FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් ට්‍රෙෂරීස් හඬ පටිගත කිරීමේ පද්ධතිය කොමීසමෙන් සී.අයි.ඩී යට..

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතිය පෙරේදා (28) දිනයේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් සිය භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

බැඳුම්කර කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් විශේෂ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතියේ තිබෙන දත්ත වෙනස්කර කොමිසමට ලබාදී ඇති බවට එම දෙපාර්තමේන්තුවට තහවුරු වී ඇති බවය.

ඒ අනුව එම හඬ පටිගතකිරීමේ පද්ධතිය පරීක්ෂා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණි.

(DE සිල්වා)