FAST NEWS

24×7 Around the Globe

කවුරුන් ආණ්ඩුව හැර ගියත් 2020 තෙක් ආණ්ඩුව පවත්වාගෙන යනවා..

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)