FAST NEWS

24×7 Around the Globe

ජවිපෙ ටිල්වින් සිල්වා චීනය බලා යයි..

ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් චීනයේ පැවැත්වෙන දකුණු ආසියානු වමේ පක්ෂවල සම්මන්ත‍්‍රණයක් හා වැඩමුළුවක් සඳහා සහභාගි වීමට ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හා පක්ෂයේ මධ්‍යමකාරක සභික නීතිඥ ජානක අධිකාරී මහතාද ඊයේ (29) රාතී‍්‍ර දිවයිනෙන් පිටත් ගොස් තිබේ.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට අනුව ඔවුන් මේ සඳහා සහභාගි වීමට නියමිත බවත් ,එම සම්මන්ත‍්‍රණය හා වැඩමුළුව අද (30) සිට ලබන සැප්තැම්බර් 12 වැනි දින දක්වා පැවැත්වෙන බවත් එම පක්ෂය නිවේදනය කර සිටියි.

(DE සිල්වා)