FAST NEWS

24×7 Around the Globe

වර්ෂයේ බඳවාගත් සිසුන්ට මහපොළ තවම නෑ..

මේ වර්ෂයේ විශ්වවිද්‍යාලවලට බඳවාගත් කිසිදු ශිෂ්‍යයෙකුට රුපියල් 5000 මහපොළ ශිෂ්‍යාධාරය ලබාදී නැතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

අඩුආදායම්ලාභී පවුල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ  අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා මෙම ශිෂ්‍යාධාර මුදල ලබාදෙන බවත්, එහෙත් නියමිත දිනට, නියමිත ලෙස මෙම ශිෂ්‍යාධාර මුදල ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බවත් එම ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි.

සමාන්‍යයන් වර්ෂයකට 13,000කට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යාධාරය හිමිවන බවත්, එහෙත් මේ වසරට බඳවාගත් කිසිදු ශිෂ්‍යයෙකුට අදාළ මුදල ලබාදීමට කටයුතු කර නොමැති බව සඳහන්.

(DE සිල්වා)