FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම විභාගයට දින දෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම එළඹෙන සැප්තැම්බර් 06 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු තවත් පාර්ශව කිහිපයක් විසින් පසුගිවදා මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.

මෙම කෙටුම්පත මගින් පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබේ.

(DE සිල්වා)