FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා ජීප් රථයක් දක්ෂිණ අධිවේගයේදී දැවෙයි..

අද(29) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී යුද හමුදාවට අයත් ජීප් රථයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගයේ පොලිසීය පවසයි.

දක්ෂිණ අධිවේගීයේ කඩවත පිවිසුමෙන් ඇතුළු වී ඇති මෙම රථය කොට්ටාව පිවිසුමෙන් පිටවීමට ආසන්නව තිබියදී එක්වරම ගිනි ගැනීමට ලක්ව තිබේ.

එම අවස්ථාවේදී රථයේ හමුදා නිලධාරීන් තිදෙනකු සිට ඇති බවත් ගින්න හට ගන්නවාත් සමග ඔවුන් රථයෙන් පිටතට පැන ගැනීමට සමත්ව ඇති බවද පොලිසීය පවසයි.

මෙ සම්බන්ධයෙන් වහා කි‍්‍රයාත්මක වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ද එම අවස්ථාව වන විටත් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබූ බවද පොලිසිය වැඩිදුරටත් කියයි.

(DE සිල්වා)