FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය සැප්.06 වනදායින් අවසන්..

2017 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම සැප්තැම්බර් මස 06 වැනිදා අවසන් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

මෙවර ඡන්ද හිමි නාමලේඛනය සඳහා ලියාපදිංචි වීමට අයැදුම්කර ඇති සංඛ්‍යාවේ අඩුවක් දක්නට ඇති බවද මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා ග්‍රාම නිලධාරීන් වෙතින් ඡන්දදායකයන්ට අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බව එම කොමිසම වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)