FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට පැමිණීමට නියමිතයි..

කොළඹ දී පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් දිවයිනට පැමිණීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කලේය.

‘‘සාමය, ප්‍රගතිය සහ සශ්‍රීකත්වය’’ යන තේමාව යටතේ මෙම දෙදින සමුළුව බ්‍රහස්පතින්දා දින අරලියගහ මන්දිරයේදී ආරම්භ වන අතර, රටවල් 35ක නියෝජිතයන් ඊට සහභාගි වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමුළුවේ සුභාශිංසන පණිවුඩය ඉදිරිපත් කිරීමට නියමිතය.