FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන ජල නළ මාර්ගයේ ඇතිවූ හදිසි බිඳවැටීම යථා තත්වයට පත් කෙරේ..

පාදුක්ක – කලටුවාව ජලාශයෙන් ජලය බෙදාහරින ප්‍රධාන නළ මාර්ගයේ ඇතිවූ හදිසි බිඳවැටීම මේ වන විට යථා තත්වයට පත් කර ඇත.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ අද(29) අලුයම සිට යළි ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

බොරලැස්ගමුව, මහරගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවල ඊයේ(28) ජල සැපයුම අත්හිටුවීමට සිදුවිය.