FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සමාගමේ සභාපතිට සහ පාලිත ප්‍රනාන්දුට නොතීසි නිකුත් කෙරේ..

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට ලබන මස 19 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද(28) නොතීසි නිකුත් කෙරුණි.

විත්තිකරුවන් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර අල්ලස් කොමිසම මෙහිදී ඉල්ලා සිටියේ මොවුන්ට විරුද්ධව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් නඩුව බහා තබන ලෙසයි.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් රක්නා ලංකා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.