FAST NEWS

24×7 Around the Globe

සයිටම් පිළිබද රජයේ අවසන් විසඳුම ජනපති ලබාදීමට නියමිතයි..

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජය ගන්නා අවසන් විසඳුම අද (28) ලිඛිතව ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පසුගිය 25 වනදා පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙම පොරොන්දුව ලබාදුන් බවයි.