FAST NEWS

24×7 Around the Globe

විජේදාස ඉවත් කරන්නැයි එජාප කෘත්‍යාධීකාරී තීරණය ජනපතිට…

බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය අහවිජේදාස රාජපක්ෂ මහතාව සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩලය එකමතිකව තීරණ කර තිබේ.

එ අනුව එම තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනුම් දීමට කටයුතු කළ බවද එම පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත් වී ඇති බැවින් සහ තව දුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු සිදු කරන බැවින් පක්ෂය මෙම තීරණය ගත් බවද එහි සඳහන්.

(DE සිල්වා)