FAST NEWS

24×7 Around the Globe

20 වැනි සංශෝධනය උතුරු මැදදී සම්මත වෙයි..

සියලුම පළාත් සභාවල ඡන්ද එක්දිනයක පැවැත්වීමට අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අද (22) උතුරුමැද පළාත් සභාවේ අනුමැතිය හිමි විය.

ඒ සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 15ක් හා විපක්ෂව ඡන්ද 13ක් භාවිත විය.

මෙම පනත් කොටුම්පතට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඡන්දය භාවිත කළහ.

පළාත් මහඇමති පේශල ජයරත්න ඇතුළු නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

(DE සිල්වා)