FAST NEWS

24×7 Around the Globe

විජේදාස ඉවත් කරන බව අගමැති ජනපතිට දැනුම් දෙයි !

අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් අස්‌කිරීම සම්බන්ධව එජාපය ගත් තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්‌ඩු පක්‍ෂ එජාප මැති ඇමැතිවරුන් හමුවේ ඊයේ (21 ) ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්‍ෂ මහතාට එම ධුරයෙන් ඉවත් වීමට එජාපය ඊයේ (21 වැනිදා) තෙක්‌ කල් දී තිබූ නමුත් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්‌ නොවුණු හෙයින් ඒ මහතා ඉවත් කිරීමට අදාළ ලිපියක්‌ ද අගමැති විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ඇතැයිද එජාප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අද (22 ) දිනය ඇතුළත විජයදාස රාජපක්‍ෂ මහතාට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවනු ඇතැයි ද පැවසේ.

ආණ්‌ඩු පක්‍ෂයේ එජාප මැති ඇමැතිවරු කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (21) සවස හමු වූ අවස්‌ථාවේදී අගමැතිවරයා මේ බව එම එජාප මන්ත්‍රී කණ්‌ඩායම හමුවේ පවසා ඇත.

මෙම රැස්‌වීම සඳහා ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා සහභාගි නොවී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)