ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‌ෂි විමසීමේ කටයුතු අගෝස්‌තු 25 වැනි සිකුරාදා දක්‌වා කල් දැමීමට තීරණය කළ බව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා ඊයේ (17 ) එම කොමීසම රැස්වු අවස්ථාවේ පැවසීය.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස විමර්ශන සිදුකිරීමට සහ කරුණු අධ්‍යයනය කිරීමට ඉඩ ලබාදෙමින් මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් කොමිසම මෙසේ සාක්‌ෂි විභාගය අත්හිටුවීමට තීරණය කළේය.
කොමිසමේ සාක්‌ෂි විභාගය ඊයේ අවසන්වූ අවස්‌ථාවේදී නැගී සිටි දප්පුල ද ලිවේරා මහතා කියාසිටියේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ පටිගත කළ දුරකථන ඇමතුම් 240,000 ක් විමර්ශනයට ලැබී තිබීම සහ අධ්‍යයනය කිරීමට ඇති ලේඛනවල ප්‍රමාණය සහ විශාලත්වය මෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස විමර්ශනයට ලක් කළ යුතුව ඇති බවයි.
මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට කාලය අවශ්‍ය බැවින් කොමිසමේ සාක්‌ෂි විභාගය අඩු තරමේ සතියකටවත් අත්හිටුවන ලෙස ජනාධිපති නීතිඥ දප්පුල ද ලවේරා මහතා ඉල්ලා සිටි අතර එම කරුණු සලකා බලමින් මෙසේ කොමිසමේ සාක්‌ෂි විභාගය සතියකින් අත්හිටුවීමට තීරණය කරන ලදී.
එ අනුව කොමිසම යළි අගෝස්‌තු 25 වැනි සිකුරාදා උදේ 10.00 ට රැස් වීමට නියමීත අතර එදින සාක්‌ෂි ලබා ගැනීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා යළි කොමිසම හමුවට කැඳවා ඇති අතර ඔහුගෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිතය.
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.