FAST NEWS

24×7 Around the Globe

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් තීන්දුවේ වෙනසක් නෑ..

පොලිතින් සහ ප්ලාස්ටික් තහනම පිළිබඳ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පස්වරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් පැවසීය.

ඒ පිළිබඳ රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුව විධිමත්ව සහ කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමේ වගකීම මධ්‍යම පරිසර අධිකාරියට පැවරෙන බව හෙතෙම සඳහන් කර සිටියේය.

(DE සිල්වා)