FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදියි..

හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

චීනය හම්බන්තොට වරාය බදු ගැනීම ලෝක දේශපාලන බල අරගලයේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවත් ඒ හේතුවෙන් ඉන්දියාව ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉල්ලා සිටින බවද ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

කොළඹ වරාය එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණූ කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් ,එ මගින් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)