සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂයෙන් 30% ක් ලබා ගැනීම සඳහා අයදුම්පත්ර 42000ක් ලැබී ඇතැයි කම්කරු අමාත්යංශය පවසයි.
එහි ලේකම් හේරත් යාපා මහතා පැවසුවේ, කඩිනමින් අදාළ සාමාජිකයින් සඳහා එම මුදල් ලබා දීමට පියවර ගන්නා බව ය.
වසර 10ක සේවා කාලයක් සම්පූර්ණ කළ රුපියල් ලක්ෂ 3ක අවමයක් පවතින සාමාජිකයින්ට සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂයෙන් 30% ක් ලබා ගැනීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළේ ය.







