FAST NEWS

24×7 Around the Globe

එජාපය පොස්ටර් ගසා මුල පිරු කාරණය අනුර හෙළි කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇන්න පංසල් ටොක්කෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උගුරට ලේ රහ දැනී ඇති බව පවිපෙ පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධාන කරන ලද මැතිවරණ ප‍්‍රචාරක රැළියක් කුරුණෑගල දී පැවැත්වුණා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදි කියා සිටියේ ශ‍්‍රී ලංකා මහබැංකුවේ මහාපරිමාණ බැදුම්කර වංචාවක් සිදුවී ඇතැයි ජනාධිපතිවරයා ඉකුත් දා කළ කථාවෙන් ද තහවුරු වු බවයි.

අදාල බැදුම්කර වංචාවෙන් රටට මේ වන විට සිදුව ඇති අලාභය රුපියල් කෝටි 4200 ක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

“රනිල් මහත්තයා පොස්ටර් ගහලා මුල පිරුවා විතරයි කියලා. ඔව් ඇත්ත තමයි. මේ ටික කාලෙට කරලා තියෙන දේ දැක්කම ඒක පේනවා. අලුතින් යන්න හදන ගමනත් පරණ ගමනම තමයි කියලා”