FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි..

උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වි ඇති බව වාර්තා වේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වී. විග්නේෂ්වරන් මහතා තමාට විවිධ චෝදනා එල්ලකරමින් අමාත්‍ය ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් එම පීඩනයන් හමුවේ තවදුරටත් අමාත්‍යධූරයේ සිටීමට නොහැකි බව පවසමින් ඉල්ලා අස්වීමට තිරණය කළ බව හෙතෙම මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එසේම සිය ගැටලු පිළිබඳ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ නායක මාවේ සේනාධිරාජා මහතා සහ දෙමළ ජාතික සන්ධානය නායක ආර්. සම්බන්ධන් මහතා දැනුම්වත් කොට මෙම තීරණයට පැමීණි බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

(DE සිල්වා)