FAST NEWS

24×7 Around the Globe

අනිවාර්ය ජල ගාස්තු සංශෝධනයකට යයි !

වසර පහක කාලයකදී ජල ගාස්තු සංශෝධනයක් සිදු වී නොමැති නිසා ඉදිරියේ දී අනිවාර්යෙන්ම ජල ගාස්තු වැඩි වීමක් සිදු කිරීමට සිදු වන බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඊයේ (06) මාතරදී පැවසීය.

මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවැනි අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මුල් ගල් තැබීමේ උත්සවයේ දී ඔහු ඒ බව කීය. මාතර නූපේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ දී එම උත්සවය පැවැත්විණි.

ජල ගාස්තු සංශෝධනය වසර තුනකට වරක් සිදු කළ යුතුව තිබුණත් නව රජය බලයට පත් වු පසු එය සිදු නොකළ නිසා වසර පහක් තිස්සේ ජල ගාස්තු සංශෝධනය වී නැතැයි ද, එනිසා එය සංශෝධනය කළ යුතුව ඇතැයි ද, රටේ බහුතර ජනතාවක් නියඟයෙන් පීඩා විඳන නිසා ජල ගාස්තු සංශෝධනය ප්‍රමාධ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.