බුද්ධ සාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදයි.
බුදුරජාණන් වහන්සේ වෙසක් පොහෝදා පිරිනිවන් පෑමෙන් තුන් මසක් ගත වීමෙන් පසු සිදුකරන ලද මුල්ම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පසළොස්වක පොහෝදාය.
නිකිණි පුර පසළොස්වක පොහෝදා මුල්කර ගෙන සිදුවන තවත් වැදගත් ශාසනික කටයුත්තක් නම් පසු වස් සමාදන් වීමය.








