FAST NEWS

24×7 Around the Globe

උසේන් බෝල්ට් තුන් වැන්නා කළ ලොව වේගවත්ම ධාවකයින් දෙන්නා බිහිවෙයි.. (වීඩියෝ)

2017 ලෝක ශූරතා මළල ක‍්‍රීඩා තරගාවලියේ මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් සමත් විය.

මෙම තරගය පැවැත්වුණේ ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (06) අලුයම වන අතර ජස්ටින් ගැට්ලින් මෙහිදී වාර්තා කළ තරග නිමි කාලය තත්පර 9.92 ක් වේ.

අමෙරිකාවේම ක‍්‍රිස්ටියන් කොලිමාන් රිදී පදක්කම දිනා ගත් අතර ඒ, තත්පර 9.94 ක කාලයක් වාර්තා කරමිනි.

බොහෝ දෙනාගේ අවධානය දිනා සිටි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ට මෙම ඉසව්වේ දී ලෝකඩ පදක්කමකින් සෑහීමට සිදු වුණි.

ඔහුගේ තරග නිමි කාලය තත්පර 9.95 ක් වන අතර මෙය මෙම තරග වාරයේ දී ඔහුගේ ඉහළම දක්ෂතාව ද වේ.

උසේන් බෝල්ට් මීට පෙර කියා සිටියේ මෙම තරගාවලිය තමන් සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරගාවලිය බවයි.

වීඩියෝව පහතින්..