FAST NEWS

24×7 Around the Globe

වැසි තත්ත්වයේ වැඩිවීමක්..

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි පැය 24 තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර, කෑගල්ල, මහනුවර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවත්, නුවරඑළිය, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක් තද වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ සඳහන් කළේ දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවිය හැකි බවයි.